නොකී කවිය

11

Category :










මගේ හිතට හොරෙන් ඇවිත්
නොතිබුනු පෙමකට
පණ දුන්නේ නුඹ නොවේද
ඉස්සර දවසක

මගේ හීන බලෙන් අරන්
වෙන වෙන පාටට
නුඹ දැක්කට මං කොහොමද
හිතන්නෙ ලාබෙට

ගැලපෙන්නැති අපි දෙදෙනෙක්
වෙන් වී යන දින
හඬන්නෙපා සිනහ වෙයන්
තද කරගෙන හිත

මට හිමි හිත කවදා හෝ
මා සතු වන දින
නුඹ ඉඳපන් සිනහ මැදින්
සෙනෙහෙ හිතක් ලඟ
.....

11 ප්‍රතිචාර:

හංසි said...

ගොඩක් ලස්සනයි. නොගැලපීම් ගොඩක් මැද එකම එක ගැලපීමක් එක්ක ජීවත් වෙන්න පුලුවන් නම්... ජීවිතේ එක කාලෙකදි දකින ගැලපීමක් තව කාලෙකදි නොදකින්න පුලුවන්.

KBW said...

ගොඩක් ස්තුතියි හංසි.......:)

නොගැලපීම් ගොඩක් එක්ක ඉඳලා බැඳීම් වැඩි කරගෙන පහුවෙලා සමුගන්නවට වඩා කලින්ම වෙන්වෙලා යන එකේ වේදනාව අඩුයි කියලයි මට හිතෙන්නෙ.

සිත් අහස said...

හ්ම්ම්.. ලස්සනයි.. ඒත් නොගැලපීම් තිබුනත් ආදරේ කරපු කෙනෙක්ගෙන් සමුගන්න එක දුකක නේද?

KBW said...

@ප්‍රාර්ථනා
ඔව්.දුකක් නම් තමයි.ඒත් ඒ දුක කොහොම හරි විඳ දරාගන්න එක, පහු වෙලා ගොඩාක් දුක් විඳිනවට වඩා හොඳයි කියලා හිතෙන්නෙ නැද්ද?

ස්තුතියි මේ පැත්තේ ඇවිත් ගියාට...:)

my dream said...

හ්ම්...මට හිතෙන්නෙ වෙනම දෙයක් .සමහර විට නොගැලපීම් සීයක් ඇතුලේ වුනත් අපි හෙව්වොත් එක ගැලපීමක් හරි හම්බවේවි.අවoකවම ආදරේ කරන්න හිත කැමතිනම් නොගැලපීම් සීයෙන් තුන හතරකට වත් ගැලපීමක් කර ගන්න හිත නම්මගන්න පුලුවම් නේද?එක නේද ආදරේ කියන්නෙත්

Sabith said...

ලස්සන අර්ථයක් තියනවා..

Anonymous said...

නොගැළපීම් මත තනන කොට උඩ මන්දිර වලට වඩා..වෙන්වීම, ජීවිත කීපයකටම ජීවිතේ දෙන බවනම් සැබෑවක්...

ආශා said...

ලස්සනයි..අර්ථවත් නිර්මාණයක්!
නොගැලපීම් ගොඩක් තිබුණත් 'ආදරය' කියන ගැලපීම තියෙනවනම්, හිත් දෙකකට ඒ නොගැලපීම් ගලපගන්න එක අමාරු දෙයක් නෙමේ.....වෙනස් වෙන්න ඕනේ ගැලපෙනවද නොගැලපෙනවද කියල ලෝකය බලන විදියයි..

KBW said...

@my dream
හ්ම්ම්ම්...ඒකෙත් ඇත්තක් තියෙනවා කියලා මටත් හිතෙනවා ......ඒත් අපි ආදරය කියනදේ බලෙන් ඇතිකරගෙන ගැලපීම් ගැන කොච්චර හෙව්වත් වැඩක් නෑ කියලයි මට නම් හිතෙන්නේ යාලුවා.....:)

@Sabith
ගොඩක් ස්තුතියි යාලුවා.....:)

KBW said...

@අසනි
හ්ම්ම්ම්ම්......ඒක වටිනවා ජීවිත කාලෙම විඳවනවට වඩා.....
ගොඩක් ස්තුතියි ...:)

@ආශා...

හ්ම්ම්ම්.....මිනිසා සමාජ සත්වයෙක් උන වැරද්ද වෙන්නත් පුලුවන්.....
ගොඩක් ස්තුතියි යාලුවා...

Anonymous said...

Merkur - Merkur - Merkur - Merkur - Merkur
Merkur - Merkur. Merkur is an excellent choice 온카지노 among experienced 메리트 카지노 주소 and experienced wet shavers. Merkur Safety Razor Merkur deccasino Futur Adjustable Long Handle (90 001) (10 in stock).

Post a Comment

හිතට එන ඕනම දෙයක් මෙතන කියලා යන්න.

.