හොරා පොලිස්

39

Category : ,






අවුරුද්දත් අත ලගටම ඇවිල්ලා දන්නෙම නැතුව.මීට අවුරුදු ගානකට කලින් (මතක විදියට  අවුරුදු 10කට විතර කලින් , කුබුවියා 8 වසරෙදි විතර )මුහුණ දිපු අත්දැකීමක් ගැන කියන්න හිතුනා.අත්දැකීමක් කිව්වට කරපු බලු වැඩක්.:D 


අපේ ගම ඒ කාලේ  ගොඩක් අඩුවෙන් නාගරීකරණය වෙච්ච සුන්දර ගමක්.
අවුරුදු කාලය කියන්නේ අපිට තියෙන සුන්දරම කාලේ.කොල්ලො කුරුට්ටන්ට නම් අවුරුද්ද ලබන්නේ ජනවාරි වල විතර ඉදලා. 
ඒ මොකද කිව්වොත් අපි අවුරුද්ද වෙනුවෙන් කැට ගහන්න, හෙඩ් ගහන්න පටන් ගන්නෙ ජනවාරිවල ඉදන්.:D


සාමාන්යයෙන්  ඉස්කෝලේ ඇරිලා ඇවිත් බත් එක කාපු ගමන් අපි සෙට් වෙන්නේ බෝල් ගහන්න.එහෙම නැත්නම් සමහර දාට කල්ලි ගහනවා,ජාඩි ගහහනවා.මේ හැම දෙයක්ම කරන්නේ ගමේ තියෙන ඉස්කෝලේ පිට්ටෙනියේ.කුබුවියාගෙ ජීවිතෙත් "ඇච්චා කාලෙන්" සැලකිය යුතු තරම් කොටසක් ගෙවුනේ මේ පිට්ටෙනියේ තමා.පිට්ටෙනිය තියෙන්නේ ප්‍රධාන පාර අයිනෙමයි.හැමදාම හවස් වෙනකොට කොල්ලො 20ක් 30ක් ඔතන වරදින්නෙ නෑ.

ඉතින් අවුරුදු කාලෙට අපි සෙල්ලම් කරන එව්වා හැම එකක්ම නවත්වලා කෙලින්ම සෙට් වෙන්නේ සූදුවට .සූදුව වුනාට ඉතින්  අපි සෙල්ලම් කරන්නේ රුපියලට නැත්නම් දෙකට වගේ.ටිකක් හවස් වෙද්දි ලොකු ලොකු අය ඒ කියන්නෙ අය්යලා කිට්ටු වෙනවා.එතකොට ඉතින් ඔට්ටු දාන ගාන වැඩි වෙන්න පටන් ගන්නවා.තවත් ටිකක් හවස් වෙද්දි තවත් ලොකු අය ඒ කියන්නෙ මාමලා සෙට් එකත් එනවා.  

මුල් දවස් වල ඉස්කෝලෙ පිට්ටෙනියෙම සූදුව කෙරුනට පස්සෙ පස්සේ ඉස්කෝලෙ ප්‍රින්සිපල්ගෙ විරෝධය නිසා අපිට ප්ලේස් එක මාරු කරන්න වුනා.අලුත් තැන වුනේ ඉස්කෝලේ ලඟම තියෙන බාගෙට හදලා නවත්වපු ටිකක් ලොකු කඩයක්. ඒකත් තියෙන්නේ පාර අයිනෙමයි.ඒක ඇතුලෙ ඉදලා එලියට බැහැපු ගමන් ප්‍රධාන පාර.ඉතින් සූදුවක් නිසා බොහොම පරිස්සමෙන් තමා කරන්න ඕන.පොලිස් ජීප් එක එනවද කියලත් හොද අවදානෙන් තමයි ඉන්නේ.

ජීප් එක එනවනම් දුරදිම අපිට පේනවා.ඉතින් ඒ වෙලාවට  කරන්නේ පිටිපස්සේ දොරවල් ජනෙල් වලින් පැනලා කොහේට හරි දුවන එක. ඒ වෙලාවට හොදම දේ තමා පහලට තියෙන පොඩි අඩි පාර දිගේ කෙලින්ම දුවන එක.පොලිසිය ආවත් ඔය වගේ පාරකදි අපිට වාසි වැඩියි.අතුරු පාරවල් වලින් පැනලා කොහේ හරි කැලේකට පනින්න පුලුවන නිසා.
  
ඉතින් ලොකු කට්ටිය ගේමට බැහැලා  රුපියල් 50ට 100ට පටන් අරගෙන 500ට 1000ටත් ඔට්ටු අල්ලන්න පටන් ගන්නකොට රුපියල් තුන හතරක් අතේ තියාගෙන ගේම පටන් ගත්තු අපි කැලේ.
එතකොට ඉතින් අපිට මාර මළ. ඇයි යකෝ අපි තමා ඔක්කොම පටන් ගත්තෙත් අන්තිමට අපිට කිට්ටු වෙන්නත් නෑ.ඉතින් අපේ සෙට් එක පට්ට තරහෙන් තමා ඉන්නේ.

ඉතින් ඔහොම. අපිට පැත්තකට වෙන්න වෙලා චාටර් වෙලා ඉන්න වෙලාවක හිතේ තියෙන තරහටත් එක්ක මගේ ටිකිරි මොළෙට පට්ට අයිඩියා එකක් ආවා.

 
අපේ සගයො ටිකට කිට්ටු කරලා මම හිමිහිට ප්ලෑන කිව්වා. ප්ලෑන් එක තමා හොරා පොලිස් එකක් තියන්න.හොරා පොලිස් එකක් කිව්වට ඒක නිකම්ම නිකම් සෙල්ලමක් නෙමේ.අපිට කැට ගහපු තැන අහිමි කරපු ලොකු අයගෙන් පළිගන්න ගහන ගැටයක්.

ඉතින් අපි වැඩේ පටන් ගත්තා.කණ්ඩායම් දෙකකට බෙදුනා.එක  කණ්ඬායමක් පොලිසිය. අපි හොරු.
ඉස්සෙල්ලාම පොලිස් කට්ටියව ස්ථානගත කලා .අපි දෙගොල්ලො ස්ථානගත උනේ සූදු පොළ දෙපැත්තෙන්. ඒ කියන්නේ අපේ පොලිස් සෙට් එක අපිව අල්ලන්න එන්න ඕන සූදු පොළ ඉස්සරහින්.
අපි සූදු පොළට මෙහා අර ඇත්තටම පොලිසියෙන් ආවොත්  සූදු කරන අය දුවන අඩි පාර පැත්තට වෙන්න ඉන්නෙ.

ඔන්න ඉතින් අපි ප්ලෑන් එක පටන් ගන්න හදන්නේ.චන්ඩි වගේ පටන් ගත්තට දැන් නම් පපුවත් ගැහෙනවා.කකුල් දෙකත් වෙව්ලනවා වගේ.ඇයි ඉතින් සෙල්ලම් ගේමකුත් නෙමෙයිනෙ දෙන්න යන්නේ.ඒත් ඉතින් දැන් කරන්න දෙයක් නෑ.කට්ටිය බලාගෙන ඉන්නේ මම සිග්නල් එක දෙනකම්.හිතට උපරිම  ධෛර්යය අරගෙන මම දුන්න සිග්නල් එක.
ඒත් එක්කම අපේ හොරු කට්ටියම 

“ පොලීසියෙන් එනවෝ ” 

කෑ ගහගෙන අපි අර අඩි පාර දිගේ දුවන්න ගත්තා.අර  පොලීසියෙ සෙට් එකත් සූදු පොළ ඉස්සරහින් කඩාගෙන බිදගෙන අපේ පස්සෙන් දුවන්න පටන් ගත්තා.

ඉතින් පොලිසියෙන් කියන වචනේ ඇහෙන්න විතරයි ඕන. සූදුපොළ ඉස්සරහිනුත් පැත්තෙනුත් අපි දුවන අඩි සද්දෙත් එක්ක කලබල වෙච්ච සූදූ පිටියෙ කට්ටිය ඔලුව හැරිච්ච අතේ දුවන්න ගත්තා.සමහරු අපිවත් පහු කරගෙන දුවනවා. කැලේ පෙරලගෙන ගිහින් සමහරු අත පයත් තුවාල කරගෙන.තව සමහරු අහල පහළ ගස් වලත් බඩගාලලු.

තව සමහරු කැලෙන් පැනලා ගිහිල්ලා අහල පහල ගෙවල් වල සාලේ වාඩි වෙලා ටී වී බලනවලු.ගෙවල් වල මිනිස්සු වගේ.එව්වා ආරංචි උනේ පස්සේ. :D
 කට්ටිය දුවන හැටි දැක්කම අපිට මාර ආතල්. :D :D 

හිනාව වැඩි කමට දුවගන්නත් පණ නෑ.ඒත් ඉතින් වැඩේ මාට්ටු වුනොත් අම්බානකට කන්න වෙන නිසා නවතින්නෙම නැතුව දුවලා ,කැලෑ පාරවල් වල ගිහිල්ලා කුඹුරකිනුත් ගිහිල්ලා යන්තම් ගෙදරට පැන ගත්තා.
ගිහින් සද්ද බද්ද නැතුව නාලා කියලා වෙනද වගේම හිටියා.

වෙනද වගේ ඉන්න හැදුවට ඒක ලේසි නෑ. එක එක දේවල් මතක් වෙනවා.අරුන් වැඩේ දැනගෙන අපේ ගෙදරට ආවොත් සිද්දවෙන දේ, කන්න වෙන කෑම හිතාගන්නවත් බෑ.කන්න ගත්තට කන්නත් බෑ. නිදාගන්න ගිහිනුත් එක එක විකාර හිත හිත පැය ගානක් ගිහින් තමා නින්ද ගියෙත්.

කොහොම හරි දෙය්යනේ කියලා එදා කවුරුවත් ආවේ නෑ.මුකුත් ආරංචියකුත් නෑ.අපේ එවුන්ට මොනවා වුනාද කියලවත් දැනගන්න විදියක් නෑ.(කෝල් එකක්වත් දීල බැලුවෙ නැතිද කියලා අහන්න එපා:ඒ කාලෙ ඔය මොන බම්බුවක්වත් නෑ අපේ පැත්තේ)

ඊට පහුවෙනිදා ඉස්කෝලෙදි තමා දැන ගත්තෙ ඉතුරු ටික.

අපේ දෙන්නෙක් ආතල් එක වැඩි කමට හිනා වෙවී අඩි පාරේ මග නැවතිලා.අපි කතාකරගෙන හිටියේ කෑ ගහපු ගමන් කෙලින්ම ගෙවල් වලටම දුවන්න.මේ යක්කු දෙන්නා ටිකක් දුර ගිහින් නැවතිලා.ඉතින් ටික වෙලාවක් ගිහින් පොලිසිය නෑ කියලා දැනගත්ත  ගමන් ලොකු කට්ටිය කෑගහපු උන්ව හොයන්න පටන් අරගෙන.එතකොට හිනාවෙවී ඉදපු අරුන් දෙන්නා මාට්ටු.

උන් දෙන්නා ඉතින් පුලුවන් තරම් තේරුම් කරලා කියලා.අපි හොරා පොලිස් සෙල්ලමක් කලේ කියලා. ඒත් වැඩේ වෙලා තියෙන්නේ ඒ වෙලාවෙ පිටියෙ සෙල්ලම් කර කර හිටපු රුපියල් තුන් හාරදාහක් කවුරුහරි අරගෙන පැනලා.

ඉතින් අරුන්ට හතර මළ.අපේ දෙන්නට අම්බානෙකට බැනලා බැනලා එලවලා දාලා.


ප.ලි.


එදා හවස උන් දෙන්නගෙම කන් රතුවෙලා තිබුනා කියලා නම් අපිට පස්සේ කාලෙක ආරංචි උනා.අපිට නම් අද වෙනකම්ම ඒ ගැන කිව්වෙ නෑ. :D :D 

39 ප්‍රතිචාර:

හිතුවක්කාර කෙල්ල said...

ආ.. ඔය තියෙන්නෙ කුබූ අයියාගෙ වැඩ..:D අපෝ ඒ කාලෙ ඉදලාම ලණු දීලා පුරුදු වෙලා මිනිස්සුන්ට.. හික්ස්.. :D මොනා වුනත් මරු වැඩේ කරලා තියෙන්නෙ..අපරදෙ නැගලා ගිය සූදුව.. කුබූ අයියාටත් ගුටි කන්න වුනානම් තමා මරු ;)

සිත් අහස said...

හිකිස්.. හිතූ නංගගේ කථාව නම් ඇත්ත.. හී හී.. කොහොම වුනත් මටත් බඩ අල්ලගෙන හිනා වැඩේට.. දුවපු අයට හිනා යන එක අහන්න දෙයක් නෑනේ ඉතින්.. අන්තිමේ අයියගේ වැඩ නිසා අහිංසක යාළුවෝ දෙන්නෙක් බැනුම් ඇහුවා නේ??

sAm (සෑම්) said...

අප්පා ගම කාපු සෙට් එකක් නොවැ..

අග්නි ධාරා... said...

අනේ අනේ....ඔන්නොහොමයි මෙයාලගෙ වැඩ...:)

සෑහෙන්න කාලෙකින්...ඇති යන්තම් මතක්වුනා....

Unknown said...

:D
මොනව වුනත් අර දෙන්න නම් පව්...
ඉතිං ඒ දෙන්න කවුද මේක පලෑන් කරේ කියලා නොකීව එකම කොච්චර ලොකු දෙයක්ද...

Harshana said...

ඒ කාලෙත් කරලා තියන වැඩ ...පොඩි නෑ

හැබැයි මාට්ටු නොවී ඉන්න මොලේ පෑදිලනේ.

හිතහොඳ පිස්සා said...

ඔය තියෙන්නෙ නියම වැඩ ඕව තමයි හැදෙන ළමයි කරන්න ඕන.....

Anonymous said...

සුපිරියි

අසරණයා said...

බොරු කියන්න එපා උඹටත් ගැහුවා නේ.

අපිත් ඒ කාලේ පුදුම මලකින් හිටියේ ලොකු උන් එක්ක.

KBW said...

@ හිතු

පිස්සුද හිතු,අපිට වෙච්ච අසාධාරණේට පුංචි පළිගැනීමක් විතරයි.
එහෙම ගුටි කන්නේ නෑ.ලොකු අය අපිට බරපතල ලෙස සුහදව අවවාද කරනවා විතරයි ;)

KBW said...

@ ප්‍රාර්ථනා

අපි ඉතින් හැමෝම එකා වගේ වැඩේට බැස්සේ. අරුන් දෙන්නගේ පෙර කරුමයක් වත් පලදෙන්න ඇති :D :D

KBW said...

@ sAm (සෑම්)

හෙහ් හෙහ්... පුංචි කමට කරපු දග වැඩක් නොවැ

KBW said...

@ අග්නි ධාරා...

හික්ස්...ගනන් ගන්න එපා;පොඩි ළමයිනේ. :D
ගොඩක් දවසකින් මොනවත් දාන්න බැරි වුනා නංගි. :)

KBW said...

@ නෙත්පානි...
ඔව් ඒකත් ලොකු දෙයක් තමා.
ඒත් ඉතින් ප්ලෑන් එක ගැන උන් දැන ගත්තනම් අපි සෙට් එකම තවමත් කනවා :D :D

KBW said...

@ Harshana
ඔව් දැන් තමා කරපු වැඩේ බරපතල කම තේරෙන්නේ.
ඒ කාලේ කොහෙන් ආපු නුවණක්ද මන්දා... :D :D

KBW said...

@ හිතහොඳ පිස්සා
අන්න ඒකනේ යාලුවා..ඕක දිහා ගොඩක් අය බලන්නේ වැරදියටනේ :D

KBW said...

@ විසිතුරු

ස්තුතියි යාලුවා. :)

KBW said...

@ අසරණයා
පිස්සුද බං,එහෙමත් ඉන්නවද ගුටිකන්න වෙන තැන් වල :D :D
සිරාවටම අපි ඉස්සර බෝල් ගහන්න ගිහින් බැට් කරන්න දෙන්නේ නැති ලොකු උන් වයසට ගියාම හරි පළිගන්න ඕන කියලා හිතාගෙන හිටියේ. :D

අනූ said...

මාර වැඩනේ මෙයාලත් කරලා තියෙන්නෙ...

මීට අවුරුදු 10 කට කලින් 8 නම් අයියෙක් තමා.. අපි 7 නේ... :)))

KBW said...

පුංචි කමට කරන වැඩනේ යාළුවා... ;)

මම කිව්වේ 10කට "විතර" කලින් කියලා.
හරියටම ගාන හදාගන්න අමාරුයි අෆ්ෆා :D

ස්තුති‍යී මේ පැත්තට ඇවිත් ගියාට :)

නුවන් said...

උබටත් වදින්න ඇති කණ රතුවෙන්න :P
කිව්වේ නැති උනාට;)

KBW said...

පිස්සුද බං... :P
වැදුන නම් ඉතින් කියනවනේ ;) :D

....ජනියා.... said...

සුපිරිනේ අයියේ... ඔය නොකිව්වට මමත් ආසයි ටිකක් .. බඩු වැරදුනා නම් තමයි තරු පෙන්නේ.

....ජනියා.... said...

ඔන්න මාත් ඉන්නවා

කවිකාරි (poetess) said...

නියම කතාව....! :
මතකයන් සුන්දරයි නේ.
ඒත් පොඩි සිතිවිල්ලක් ඇති උනා....කුබුවි සේරම වගේ ලියන්නේ අතීත කතා.මොකෝ අතීතය තරම් සතුටු වෙන්න කාරණා වර්තමානයේ නැතුවාද? :)

dinithi said...

අපොයි මල්ලිලා කරලා තියෙන දේවල්.....

තොටියා said...

මාර ගේම් කාරයෙක් නෙව.... පට්ට ස්ටෝරිය....!

KBW said...
This comment has been removed by the author.
The තරුවා said...

හයියූ කෙලින්ම ගෙදර දිව්වෙ නැත්නම ඒ තුන්හාරදාහ අරගෙනම යන්න තිබුනා...

නජාත් අක්‍රම් said...

මටත් මතකයි ඉස්සර අපේ පන්ති වල හිටපු එවුනුත් පොඩි පොඩි සුදු කෙලිනවා.. අවුරුදු කාලෙට හෙඩ් ගැහිල්ල නම් ජයට ම කෙරුණා. ඒත් දැන් නම් ඒවා දකින්න වත් නැති තරම්!
අනේ අපොයි!!

KBW said...

@ජනියා
හික්ස්...උඹත් සූදු කප්පිත්තෙක් වගෙයි ;)


@කවිකාරි
අතීත මතකන් තමා ගොඩක්ම සුන්දර.අපි කාටත් පාසල් කාලය තරම් සුන්දර කාලයක් තවත් නැහැනේ?

KBW said...

@දිනිති දීපිකා

ඒක තමා අක්කේ, පුදුම මදාවි වැඩනෙ මුන් කරලා තියෙන්නෙ...හෙහ් හෙහ්

@තොටියා

ඇච්චා කාලේ ඔව්වා කලාට දැන් නම් හිතන්නත් බයයි බං :D

KBW said...

@~~තරූගේ ලෝකය~~

මොන පිස්සුද බං..ඒවා එකතු කරන්න ගියා නම් තවම ගුටි කනවා :D

@NJ ranGO

කියලා වැඩක් නෑ බං.දැන් ඉන්න පොඩි උන් දැක්කම පුදුම දුකක් හිතෙන්නේ.අපි ගත්තු ෆන් මොනවත් නෑ උන්ට :(

රයිටර් said...

හාහ් හාහ් හා කුබු මරු වැඩ තමයි කරලා තියෙන්නේ. ඔය වගේ සීන් එකක් යන ටෙලි නාට්ටියකුත් මම බලල තියනවා. අර හිනා වෙවී හිටපු දෙන්න පව් අප්පා.

KBW said...

@පැතුම්

හැබෑට..? පව් තමා අෆ්ෆා..ඒත් ඉතින් මොනා කරන්නද ඇදගෙන නෑවට පස්සෙ :D :D

ප්‍රදී said...

පුංචි කාලේ ඉදන් කොරන්න ගිහින් තියෙන්නේ සුදුව තමා...:P
මට මැවිලා පෙනුනා හිනා වේවි හිටපු විදිය...:D
නියම කතාව..

සිරාගෙ කාමරේ said...

මෙහෙම ගේමකට සෙට් වෙද්දි සූදු පොලේ සල්ලි වලටත් ගේම දීගෙනම යන්නයි සෙට් වෙන්න තිබ්බෙ.... එහෙම උනානම් උඹලට අවුරැද්දක් විතර අඹ අච්චාරැ, අන්නාසි,අයිස් පලම් කන්න තිබ්බා ඉස්කෝලෙ ගිහින් රැ. 3000 න්.....

De Mobile Zone said...

Nice Blog....machan

රතීගේ දිනපොත said...

වැරදුනා නම් අල ගෝනියයි වේනනේ..

නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

Post a Comment

හිතට එන ඕනම දෙයක් මෙතන කියලා යන්න.

.