තොසින් නොවුනත් නිබඳ - ගමන ජීවන කතර
සිතින් නොම වියැකුණිය - දිරිය බාධක අතර
ගසින් පිපි මල් කැකුළු - සුවඳ විහිදන දසත
සිතින් දැක හෙට දිනක් - දුකම වින්දා නොවෙද...
පෙරුම් පිරුවා නොවේ - සසර මතු බුදුවන්න
සුසුම් හෙළුවා සහක් - නුඹ අපිට නොදැනෙන්න
ගිමන් හැරීය නැතත් - ගත විඩා දුරලන්න
පැතුම් පැතුවා දිනෙක - අපේ ලොව දිනවන්න...
සුළං රොද පවා විත් - දෑතේ කරගැට වලට
රිදුම් දෙන බව දනිමි - නොකීවත් නුඹ අපට
සිතින් විඳි දුක වුවත් - එයින් සැනහී නිබඳ
පතන ලොව තනමි මම - පුදන්නෙමි නුඹ නමට...
7 ප්රතිචාර:
මට බං හිතෙන්නෙ තාත්තට ලිව්වා කියල.
එහෙමද??
මට හිතෙන්නෙත් තාත්ත ගැන කියල.ඇතුලටම දැනුනා.
සිතින් දැක හෙට දිනක් - දුකම වින්දා නොවෙද...
ලස්සන සිතුවිල්ලක ලස්සන පද ගැලපුමක්.. :)
@Nuwan Tharaka & @අසරණයා
එහෙම හිතුවත් වැරැද්දක් නෑ සහෝ.....:)
@ නන්ඳු
ගොඩක් ස්තුතියි යාලුවා....:)
වැඩේ ලස්සනයි.හැබැයි තව පාරක් කියවන්න ඕන වගේ
ගොඩක් ස්තුතියි යාලුවා..:)
ආයෙත් කියවන්න ඕන වගේ කිව්වෙ කවියේ තේරුම ගැනද?
Post a Comment
හිතට එන ඕනම දෙයක් මෙතන කියලා යන්න.